News

ශ්‍රී පාද උඩමළුවේ තේවාවන් සහ පුද පුජා නිසි පරිදි

ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන තෙක් ශ්‍රී පාද උඩමලුවේ අතීතයේ සිට සිදුකෙරුනු තේවාවන් සහ පුදා පුජා නිසිපරිදි සිදුකරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසයි.

ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහොය දිනට පසු දිනයෙන් අවසන් වීමට නියමිතයි. ඒ දක්වා සිදුකෙරන විශේෂ පුජාවන් 06 ක් සිදුකරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

එමෙන්ම වෙසක් පොහොය දිනට පසු දින උඩමළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ශ්‍රී පාදස්ථානාධිපති හිමි මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.