ශ්‍රී පාද වන්දනා සමය සුභ නැකතින් ආරම්භ කෙරේ | VIDEO
2018-2019 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා සමය උදුවප් පුර පසලොස්වක පොහෝ දින (22) අලුයම යෙදුණු සුභ නැකතින් ආරම්භ කෙරේ.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජ මහ විහාරස්ථානයේ සිට මාර්ග තුනක් ඔස්සේ ශ්‍රි පාද මළුව දක්වා වැඩම කර වු සාධාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුව දක්වා අද අලුයම වැඩ කර ශ්‍රි පාද පත්මය සුවද පැනින් දෝවනය කර ආගමික වතාවන් මධ්‍යයේ වැඩම කර වු සධාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුවේ තැන්පත් කිරිමෙන් අනතුරුවයි ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කෙරුණේ.
ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි මෙවර ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කෙරුණේ.
ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කල පළමු දිනයේම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සිල් සමාදම් විම සදහා සහ ශ්‍රි පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේත්, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත් ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියා.
ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් ශ්‍රි පාද වන්දනා සමය අවසන් වන තෙක්ම විශේෂ ආශිර්වාද පුජාවන් ගණනාවක් ශ්‍රි පාද උඩු මළුවේ පවත්වන බව ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියා.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරස්ථානයේ සිට හැටන් මාර්ගය ඔස්සේ වැඩම කර වු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රිය පෙරහැරට හැටන් නගරයේදි පුෂ්ප උපහාර දැක්විම සදහා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් රුස්ව සිටියා.
2018-2019 ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගය ඔස්සෙත් රත්නපුර පලබද්දල මාර්ගය ඔස්සෙත් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් පෙදු පහසුකම් රැසක් සලසා ඇති අතර, එසේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක්ද පොලිසිය මගින් දියත් කර ඇත.
පොලිතින් සහ ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍යය වලින් තොරව ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් සේ සලකා පරිසර හිතකාමි ලෙස ශ්‍රි පාදය කරුණා කරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් සියළුම වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
හැටන් – රංජිත් රාජපක්ෂ