News

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල දූෂණ සේවීමට පත් කළ ජනාධිපති කොමිෂමේ නිල කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ දූෂණ හා අක්‍රමිකතා සේවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය මැයි 30 වන දා දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කර ඇති අතර මෙම කොමිසමේ නිල කාලය අවස්ථා කිහිපයකින් දීර්ඝ කිරීමෙන් අනතුරුව ලබන 15 වන දායින් අවසන් වීමට නියමිතව තිබිණි.

2018 වසරේ ජනවාරි 31 වන දා ජනාධිපතිතුමා විසින් පිහිටුවන ලද මෙම කොමිසම මගින් ශ්‍ රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රීලංකන් කේටරින් සමාගමේ 2006 ජනාවරි පළමු වන දා සිට 2018 ජනවාරි 31 වන දා දක්වා වූ කාල සීමාව තුළ සිදු වූ වංචා දූෂණ හා අක්‍රමිකතා සේවීමට බලතල පවරා ඇත.