News

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විටම බලය බෙදුවානම් ප්‍රශ්න නැහැ – ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල කියයි

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විටම බලය බෙදීමට කටයුතු නොකිරීමේ ප්‍රතිවිපාක අද විඳීමට සිදුව ඇති බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

පසුගිය සිකුරාදා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඇමැතිවරයා ඒ බව සඳහන් කළේය.

දැනට නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇත්තේ යෝජනා පමණක් බවත් ඒවා එකින් එක වගන්තිය ගැන සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණිය හැකි බව ඇමැතිවරයා සඳහන් කළේය.

පසුව සියලු පක්ෂවල එකඟත්වයෙන් යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකි බවද පැවැසීය.

පළාත් සභා ගෙන ආවේ එක්සත් ජාතික පක්ෂය බවත්, තමන් දිගටම බලය බෙදිය යුතු බවට වූ තීරණයේ සිටි බවත් කිරිඇල්ල පැවැසීය. දෙමළ පක්ෂ ප්‍රථම වතාවට ඒකීය රාජ්‍ය සංකල්පය හා බුද්ධාගම පිළිගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සේනාරත්න