News

ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙනා ඉරාන ජාතිකයින් අධිකරණයට

හෙරොයින් සමග ගාල්ලට ඔබ්බෙන්වූ මුහුදේදී මෙරට ආරක්ෂක අංශ භාරයට පත් යාත්‍රාව සිටි ඉරාන ජාතිකයින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරිමට අධිකරණයේ අවසර ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

අත්අඩංගුවට පත් ඉරාන ජාතිකයින් 9 දෙනාගෙන් ප්‍රශ්න කිරිම සඳහා ඉරාන තනාපති කාර්යාලයේ භාෂා පරිවර්තක සහය ලබා ගැනීමට ද සැලසුම් කර තිබේ.

අදාළ ඉරාන යාත්‍රාව ඊයේ පස්වරුවේ කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබී ය.

යාත්‍රාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 22කි.