ශ්‍රී ලංකාවේ ධිවර වරායන් සංවර්ධනය සදහා ශක්‍යතා අධ්‍යනයට ප්‍රංශයෙන් යුරෝ 650.000 ක්
ශ්‍රී ලංකාවේ ධිවර වරායන් සංවර්ධනය සදහා වන ශක්‍යතා අධ්‍යනය සදහා ප්‍රංශ සංවර්ධනය සදහා වන ඒජන්සිය විසින් යුරෝ 650.000 ක මුල්‍ය ප්‍රධානයක් ලබා දී ඇත.
මේ සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී සිදු කෙරිණ . කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන , වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඩි.එස්.රුවන්චන්ද්‍ර මහතා සහ ප්‍රංශ සංවර්ධනය සදහා වූ ඒජන්සියේ මෙරට අධ්යක්ෂ මාටින් පේරන්ට් මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ලැබිය .
මෙම අවබෝධතා ගිවිසුම අනුව ශක්‍යතා අධ්‍යනය COFREPECHE විසින් සුදු කරනු ලබන අතර එම ශක්‍යතා අධ්‍යනය කළමණාකරණය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අංශය විසින් සිදු කිරීමට නියමිතය .
යෝගිත ශක්‍යතා අධ්‍යනය මාස 09 ක් පුරා සිදු කෙරේ . එම කාලය තුල ගාල්ල , බේරුවල ,පුරන්වැල්ල , කුඩාවැල්ල යන නිරිත දිග වෙරළ තිරයේ පිහිටි ධිවර වරායන් ආශ්‍රිතව අදාළ ශක්‍යතා අධ්‍යනය සිදු කිරීමට නියමිතය .
මේ යටතේ 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් දැඩි ලෙස හානි වූ එම ධිවර වරායන් හි පවතින යටිතල පහසුකම් සහ උපකරණ වල තත්වය පිළිබද අධ්‍යනය කිරීමට නියමිතව ඇත