News

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය අගමැතිගේ ප්‍රධානත්වයෙන් වැඩ ඇරඹෙයි

මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(04) ආරම්භ වුණා.

බිංගිරිය ප්‍රදේශයේ ඉදිවන මෙම අපනයන සැකසුම් කලාපය අදියර තුනක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි.

මෙම අපනයන සැකසුම් කලාපය අක්කර 1200ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත කිරීමට සැළසුම් කර තිබෙනවා.

මෙහි ඉදිකෙරෙන නව කර්මාන්ත ශාලා තුළින් සෘජු රැකියා 75,000ක පමණ සංඛ්‍යාවක් නිර්මාණය වනවා.