News

ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා මරණ 2 වැනි ස්ථානයට

ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා සිදුවන මරණ 2 වැනි ස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

2018 වසරේදී ශ්‍රී ලංකාවේ අලුතින් පිළිකා රෝගීන් 28000ක් හදුනාගෙන ඇති බව එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය වසරේදී ලොව පුරා අලුතින් හඳුනාගෙන ඇති පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 18.1ක් බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

ඉදිරි වසර 20 තුළදි වාර්ෂිකව හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 29.5 දක්වා ඉහළ යන බවට ගණන් බලා තිබෙන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.