ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් ගියොත් ICC සාමාජිකත්වය නැති වෙනවා – තිලංග
ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය නියමිත දිනට පැවැත්වුවේ නැති වුවහොත් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.
අන්තර්ජාතික ක‍්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පෙබරවාරි මස 07 වැනිදා දක්වා පමණක් කාලය ලබා දී ඇති නමුත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිලවරණය ලබන 21 දා තෙක් කල් දැමීමට තිරණය කර ඇත.
ඒ පිළිබඳව තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ “අපි ඡන්දයකින් තෝරා ගත් කමිටුවක් පෙබරවාරි 14 වැනිදාට කලින් අයි.සී.සී.යට යැව්වෙ නැත්නම් අපිව අත්හිටුවයි. එහෙම වුණොත් ජූනි මාසයේදී පැවැත්වෙන මහා සභාවේදී අපේ සාමාජිකත්වය නැති වෙයි. අපිට නැවතත් සාමාජිකත්වය ලබා ගන්න සිද්ධ වෙන්නෙ ‘2020 ජුනි මාසයෙන් පස්සේ.’ ඒ ගන්න වෙන්නෙත් ඡන්දයකින් තෝරා ගත්ත කමිටුවකින් ඒකට ඉල්ලීමක් කරලා.” යනුවෙනි.