ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවට වාර්තා වේ.
අද පස්වරු 4ට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ශ්‍රේෂ්ඨාධිකරණය අවට අමතර පොලිස් කණ්ඩායම්ද කැදවා ආරක්ෂාව තර කර ඇත.