නවතම ප්‍රවෘත්ති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශාන්ත බණ්ඩාර දිව්රුම් දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශාන්ත බණ්ඩාර මීට සුළු මොහොතට පෙර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පත්වීමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනක් හිස් වූ අතර ඒ සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.