ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම්
වැඩ තහනමකට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට විදේශ ගමන් තහනම් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) තහනම් නියෝගයක් නිකුත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.
හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාදයක් මුල්කරගෙන ශානි අබේසේකර මහතා වැඩ තහනමකට ලක්ව සිටී.
