ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් අධිකරණය නොමග යැවීම සහ තවත් චෝදනා කිහිපයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශනි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 31 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබේ.
සැකකරුවන් තිදෙනා අද (17) දින අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබු අතර ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම නියෝගය සිදුකර ඇත.