News

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

රට තුළ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 2.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත හෙට පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායකවරයා තීරණය කරයි.