News

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු සැකකරුවන් හයදෙනා 28වැනිදා තෙක් යළි රිමාන්ඩ්

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු ලබන 28 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.

අදාළ බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද(14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර තිබේ.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකරුවන් ලබන 28 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.