ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයා හඳුනාගැනේ
කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයා ඉන්සාන් සීලවන් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
ඊයේ (22) වැල්ලම්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අතර පොලීසිය ඊයේ අධිකරණයට වාර්තා කර ඇත්තේ මෙම පුද්ගලයාට අයත්බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ තඹ කර්මාන්ත ශාලාවක් ආරක්ෂක අංශ විසින් වටලා ඇති බවයි.
එහිදී සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා හමුවට ඉදිරිපත් කර ඇත.
එම සැකකරුවන් ලබන මස 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වෙයි.
එම බෝම්බ ප්‍රහාරවලට සැකකරුවන්ගේ ඇති සම්බන්ධතාවය කුමක්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර ඇත.