News

සංචරණ සීමා පැනවී‌මෙන් රට අගාධයට ඇද වැටෙනවා

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකය කඩා වැටී ඇති මෙවන් අවස්ථාවක සංචරණ සීමා පැනවීම මගින් සිදුවන්නේ තවතවත් රට අගාධයට පත්වීම පමණක් යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

රට සම්පූර්ණයෙන්ම වසා දැමීම ප්‍රායෝගික නොවන බවත්, ඒ වෙනුවට මහජනතාව උත්සව සමයේ නිරෝධායන නීති අනුගමනය කරමින් නිසි වගකීමකින් කටයුතු කළහොත් ඉදිරියේ ගැටලුවක් ඇති නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

තවදුරටත් අදහස් දක්වමින් උපුල් රෝහණ මෙසේද පැවැසීය.

‘මේ වන විට ලෝක ආර්ථිකය මෙන්ම අපේ රටේ ආර්ථිකයද දැඩි ලෙස කඩා වැටීමකට ලක්වෙමින් තිබෙනවා. රටට විදේශ විනිමය ගලා එන ක්‍රමයක් වූ විදේශ රටවල්හි රැකියාවල නිරත වූවන් පවා සිය රට බලා එමින් සිටිනවා. ඒ ඔවුන්ගේ රැකියා අහිමි වීම ​​​හේතුවෙන්. මෙම තත්ත්වය නිසා රටේ ආර්ථිකය වර්තමානයේ රඳා පවතින්නේ රට තුළ සිදුකරන නිෂ්පාදනය මත පමණක්ම බව අමතක නොකළ යුතුයි.

ජූඩ් සමන්ත – පුත්තලම,
ශ්‍රියානි විජේසිංහ