සංචාරක ප්‍රවර්ධනයට දුන්නු සල්ලි තාම සේප්පුවේ
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි අාගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංගගේ අමාත්‍යාංශයට 2017 වර්ෂයේ සංචාරක ආකර්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 568ක් වෙන් කර ඇතත් වර්ෂය අවසන් වන විට ඉන් වැය කර ඇත්තේ මිලියන 162ක් පමණි. එය ලබාදුන් මුදලින් සියයට 28.5ක ප්‍රතිශතයක් වෙයි.
එහිදී සංචාරක ගම්මාන සංවර්ධනය කිරීම සඳහා ද එම වර්ෂයේදී රුපියල් මිලියන 25ක් ප්‍රතිපාදන ලබාදී තිබී ඇතත් ඉන් වැයකර ඇත්තේ රුපියල් පන්ලක්ෂ පනස් හය දහස් අටසිය විසි අටකි.
2017 වර්ෂයේදී සංචාරකයින් මිලියන 21ක් පැමිණ තිබුණද එය 2016 වර්ෂයේදී සියයට 11%කින් අඩුවී ඇත.
මධුභාෂණ හේරත්