සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ නැංවීමට සැලැස්මක්
කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සඳහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් වසංගතය පැතිර යාම පාලන කල වහාම රජය මේ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
නමුත් වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා විශේෂ පියවර රැසක් ගනු ලැබිනි.
රටවල් 48 කට ලබා දී තිබූ වීසා නිදහස තවදුරටත් දීර්ඝ කිරීම, සංචාරක සංවර්ධන බද්ද අය කිරීම අත්හිටුවීම, හෝටල් හා වාහන හිමිකරුවන්ට සහන ලබා දීම එම පියවර වලින් කීපයකි.
පාස්කු ප්‍රහාරය නිසා සංචාරකයන් රටට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුනද වත්මන් රජය බලයට පත්වීමේන් පසු එය යථා තත්ත්වයට පත් වෙමින් තිබිනි.
කෙසේ වෙතත් ලෝකයේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග සංචාරක ව්‍යාපාරය නැවතත් කඩා වැටීමකට ලක් වූ බව ඇමතිවරයා පෙන්වා දෙයි.
රජය මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ මෙම කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම සදහායි.
