සංචාරක විසා ලබාගෙන මෙරට රැකියා කළ චීන ජාතිකයන් 14ක් අත්අඩංගුවට
සංචාරක විසා ලබාගෙන සංචාරක විසා කොන්දෙසි උල්ලංඝනය කරමින් දඩැල්ල ප්රදේශයේ ගොඩනැගිල්ලක ප්රතිසංස්කරණ කටයුතුවල නිරත වෙමින් සිටි චින ජාතිකයින් 14 දෙනෙකු ඊයේ (27) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය සඳහන් කරයි.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම ස්ථානය පරික්ෂා කිරිමේ දි චින ජාතිකයින් විසින් එම ගොඩනැගිල්ලේ ප්රතිසංස්කරණ කටයුතු සඳහා සිමෙන්ති ඇනිම, සිවිලිම් ගැසිම පොටි ඇදිම, ආදි කටයුතු වල නිරතව සිට ඇත.
අත්අඩංගුවට ගත් චින ජාතිකයින් 14 දෙනා ජනවාරි 01 වැනිදා සිට මාර්තු 01 වැනි දින දක්වා මෙරට සංචාරය කිරිම සඳහා සංචාරක විසා ලබාගෙන ඇති අතර ආගමික විගාමික පනත යටතේ සංචාරක විසා ලබාගෙන සංචාරක කොන්දෙසි උල්ලංඝනය කරමින් මෙරට රැකියාවල නිරතවිම නිතිවිරෝධි බව පොලිසිය පවසයි.