සංචාරයට පැමිණි විදේශිකයින් දිවයිනෙන් නික්මෙයි
පාස්කු ඉරිදා දිනයේ මෙරට සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මෙරට සංචාරක හෝටල්වල රැදී සිටි සංචාරකයන් රැසක් ශ්‍රී ලංකාවේ සිය සංචාර අවසන් කර නැවත ඔවුන්ගේ රටවල් වෙත යාමට කටයුතු කරන බව වාර්තා වෙයි.
ඒ අතර සංචාර සැලසුම් සහ හෝටල් වෙන් කර ගැනීම් රැසක් ද ඔවුන් අවලංගු කරමින් සිටින බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළ අතර ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ලෝක ප්‍රකට සගරා රැසක් මගින් ශ්‍රී ලංකාව නම් කර තිබූ බැවින් මෙම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මෙයට තර්ජනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.