සංස්කෘතියට හා සම්ප්‍රදායට ගරු කරන ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රට තුළ බිහිවිය යුතුයි – ජනපති
අපගේ සංස්කෘතික හර පද්ධතින්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන් කිසිවිටෙක කිසිදු බලවේගයකට යටත් නොකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
අපගේ සංස්කෘතියට හා සම්ප්‍රදායට ගරු කරන සහ ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රට තුළ බිහිවිය යුතු බව ජනාධිපතිවරයා හේනේගම මධ්‍ය විද්‍යාලයේ 75 වන සංවත්සර උලෙළට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (26) පස්වරුවේ එක්වෙමින් ප්‍රකාශ කළේය.
එම පාසලේ සිසු දරුවන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අප අධ්‍යාපනය ලැබිය යුත්තේ රැකියාවක් ඉලක්ක කර ගනිමින් පමණක් නොව ලෝකය සහ සමාජය වෙනස් කිරීම වෙනුවෙන් බවත් මෘත භූමියේ කීර්තිය දසත පැතිරිය හැකි උගත් දරු පරපුරක් රට තුළ ගොඩනැඟිය යුතු බවත්ය.