සජිත්ගේ 1326 අත්හිටුවයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගන්නා 1326 අංකය භාවිත කිරීම වැළැක්වීමට විදුලි සංදේශ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
එම අංකය භාවිත කිරීම නීති විරෝධී බව පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පසුගියදා විදුලි සංදේශ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව විදුලි සංදේශ කොමිෂන් සභාවේ ජාල අධ්යක්ෂ විසින් ඉදිරි දින කිහිපය තුළ 1326 අංකය භාවිත කිරීම අත්හිටුවීමට කටයුතු කරනු ඇතැයි ආරංචිමාර්ග පවසයි.
කලණ වීරසිංහ
