News

සජිත් විපක්ෂනායක කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 45කගෙන් කථානායකට ලිපියක්

විපක්ෂනායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පත්කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සන් වලින් සමන්විත ලිපියක් කථානායකවරයා වෙත යොමුකර ඇත.

මේ අතර මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායකවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇති අතර එය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවේදී එම ලිපිය කථානායකවරයා වෙත භාර දී ඇත.