සජින් වාස්ට එරෙහි පැමිණිල්ල ජූනි මස 28 කැඳවයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජුනි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
අද (29) නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව නඩුව ජුනි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ ප්රධාන ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය.
මිහින් ලංකා ගුවන් සමාගමේ ප්රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ අවධියේ රුපියල් මිලියන 880 ක් වටිනා ටෙන්ඩරයක් පුද්ගලික සමාගමකට නීතිවිරෝධී ලෙස ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.