News

සති දෙකක් යනතුරු හවසට වැසි

දිවයිනේ පළාත් හයකට මෙම සතියේ සහ ලබන සතියේ සවස් කාලයේ වැසි ඇදහැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලට මෙම දිනවලදී ඕනෑම වෙලාවක වැසි ඇතිවිය හැකිය. එම පළාත් දෙක හැරුණු කොට බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට පස්වරු 2.00න් පසු වැසි ඇතිවන බව පැවසේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී මිලිමීටර් 100ක පමණ තද වැසි සමග තාවකාලිකව සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකිය.

සාලිය කුමාර ගුණසේකර