News

සති 7ක බිළිඳිය කොරෝනාවෙන් බිලිගනී

 

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සති 07ක බිළිඳියක කොවිඩ් ආසාදනය වීම නිසා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මීට දින දෙකකට පෙර මරණයට පත්ව ඇත.

කෝවි ආසාදිතව මියගොස් තිබුණේ වැලිමඩ ප්‍රදේශයේ බිළිඳියකයි

රෝගී තත්ත්වයක් මත පළමුව වැලිමඩ රෝහලට ඇතුලත් කර තිබූ අතර එහිදී කළ පරික්ෂාවේදී දරුවාගේ වම් පෙනහල්ලේ රෝගී තත්ත්වයක් පෙන්නුම් කර ඇත. අනතුරුව වැලිමඩ රෝහලින් බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇති අතර එම රෝහලේදී කරන ලද පරීක්ෂාවෙන් බිළිඳියගේ හෘදය වස්තුවේ ජලය පිරී ඇති බවට හඳුනාගෙන තිබේ. කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවත් එහිදී තහවුරු වී ඇත.

ඒ හේතුවෙන් බිළිඳියගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් නොතිබුණු බව සඳහන් ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත බිළිඳියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ඥාතීන්ට භාරදී ඇති බවත් නියමිත පරිදි අදාළ ස්ථානයක භූමදානය කෙරෙනු ඇති බවත් විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.