සතුන්ටත් කොවිඩ් එන්නතක්
ලොව පුරා කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීමත් සමග සතුන් සදහා ද ලොව පළමු වරට කොවිඩ් එන්නතක් නිපදවීමට රුසියාව සමත්ව තිබේ.
විදෙස් මාධ්‍ය සදහන් කළේ ඒ සදහා රුසියානු රාජ්‍ය පශු වෛද්‍ය සේවය විසින් පසුගිය දිනෙක අනුමැතිය ලබා ගෙන ඇති බවයි.
කොවිඩ් ව්‍යාප්තියත් සමග ලොව විවිධ රටවල විවිධ සත්ත්ව විශේෂවලට කොරෝනා ආසාදනයවීමේ සිදුවීම් රැසක්ම වාර්තා වී තිබේ.
මේ හේතුවෙන් සත්වයින් වෙනුවෙන් ද කොවිඩ් එන්නතක් නිපදවීමට රුසියාව තීරණය කර තිබිණි.
එහි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මිනිසාට කොවිඩ් වෛරසය පැතිරවීමට සතුන් සැළකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බවට මේ වන විට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
කෙසේ වෙතත් වෛරසයට නිරාවරණය වීමට වැඩි අවධානමක් තිබීම හේතුවෙන් ඩෙන්මාර්කය ගොවිපොළ රැසක සිටින මින්ක් නම් මුගටි විශේෂයට අයත් මිලියන 17ක් මරා දැමීම දැඩි මතභේදයට තුඩුදුන්නේය.