News

සතොසෙන් 76,600ක් වටිනා කිරිපිටි ඉස්සු පුද්ගලයෙකු මාට්ටු

පසුගිය 13දා බද්දේගම සතොස වෙළදසැලේ ප‍්‍රධාන වීදුරුව බිඳ රුපියල් 76,600ක් වටිනා කිරිපිටි පැකට් තොගයක් සොරකම් කල පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙන්තොට ප‍්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සාත්තු සේවකයකු ලෙස සේවය කල 39 හැවිරිදි අයෙක් වන අතර ඔහු මිට පෙරද මෙවැනිම ආකාරයේ චෝදනාවන්ට ලක්ව අධිකරණයෙන් දඩුවම් ලබා ඇති බව අනාවරණය වී ඇත.

සැකකරු විසින් සොරාගන්නා ලද කිරිපිටි පැකට් ගාල්ල වංචාවල ප‍්‍රදේශයේ වෙළඳසලකට විකුණා ඇති අතර පොලිසිය විසින් එම කිරිපිටි පැකට් තොගයද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.