සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අදත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරයි
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
පසුගිය සභාවාර කිහිපයේදී ද එම මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුව වර්ජනය කරනු ලැබුවා.
මේ අතර අද පෙරවරු 11.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමටද එක් නොවිමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.