News

සපුගස්කන්දේ කොවිඩ් ආසාදිතයෝ පොකුරක්

ගම්පහ දිස්ත්‍රිකයෙන් කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ . කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ඊයේ දිනය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 229 දෙනෙකු වාර්තා වී ඇති බවය.

එම ආසාදිතයන් ගෙන් 193 දෙනෙකුම සපුගස්කන්ද ප්‍රදේශයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

හඳුනාගත් ආසාදිතයන් ගෙන් 29 දෙනෙකුම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවය කරන පුද්ගලයින් වේ. එසේම එම ස්ථානයෙන් මේ දක්වා ආසාදිතයින් 75 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.