සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයටත් අද වැසි
දිවයිනේ මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් මඩකළපුව , අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැ ම්ස්ථානවලටමි.මී. 75 ක පමණ තරමක තදවැසි ඇතිවිය හැකි අතර එම ප්‍රදේශවල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (11) දහවල් 12.10 ට වනාතවිල්ලුව, ඔත්තප්පුව, සියඹලාගස්වැව, කට්ටමුරිච්චාන, රබෑව සහ මීගස්වැවයන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.