සබරගමු පළාත් පාසල්වල ගුරු අතිරිත්තයක් ඇතැම් පාසල්වල ගුරු හිඟයක්
සබරගමු පළාත් පාසල්වල ගුරු අතිරිත්තයක් ඇතැම් පාසල්වල ගුරු හිඟයක්
සබරගමුව පළාත් සභාාවට අයත් පාසල්වල ගුරුවරුන් 1525 දෙනකුගේ අතිරිත්තයක් ඇති බව වාර්තා වන නමුත් විෂයයන් ගණනාවකට ගුරුවරුන් 3572ක හිඟයක්ද පවතින බව වාර්තා වේ.
කලා හා වාණිජ 459, ආගම 390, ඉංග්‍රීසි 232, ජීවනකුසලතා 226 ආදී විෂයයන් සඳහා අතිරිත්ත ගුරුවරුන් පිරිසක් සිටින අතර තාක්ෂණික විෂය සඳහා 552ක් පළමු බස සඳහා 456ක් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යයනය සඳහා 512ක් අධීක්ෂණ ගුරු සඳහා 474ක් ආදී වශයෙන් ගුරු හිඟයක් පවතී.
සබරගමු පළාතේ අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 24360ක් වන අතර දැනට ගුරුවරු 22313ක් දෙනෙක් සේවය කරති.
චමින්ද සේනාරත්න