News

සම්බා හා නාඩු සහල් මිල අඩු කිරීමට සහල් මෝල් හිමියන් තීරණය කරයි

සම්බා හා නාඩු සහල් මිල අඩු කිරීමට සහල් මෝල් හිමියන් තීරණය කර තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 15.00 කින් හා සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 20.00 කින් අඩු කළ බව සහල් මෝල් හිමියන් පවසති.

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩු කිරීම සිදු කළ බව ද ඔවුන් පවසති.

ඔවුන් සඳහන් කළේ දේශීය අස්වැන්න විශාල වශයෙන් ලැබීම හේතුවෙන් මේ පියවර ගත් බවයි.

මේ අතර රජය මීට පෙර පැවසුවේ, හෙට සිට සම්බා හා නාඩු සහල් සඳහා පාලන මිලක් පනවන බවයි.