සමාගම් තුනකින් මිල ගණන් 3 කියමින් පෞද්ගලික සමාගම්වලින් විදුලිය ගන්න කැබිනට් අනුමැතිය
හදිසි විදුලි මිලදී ගැනීමක් ලෙස මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සඳහා තෝරාගෙන ඇති සමාගම් තුනේ මිල ගණන් තුනක් යටතේ විදුලිය ලබාදීමට නියමිතය.
අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇති හොංකොං හි වී පවර් ගෝල්ඩන් සමාගමින් මෙගාවොට් 48ක් කිලෝ වොට් 1ක් රුපියල් 28.70ක මුදලකට ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
මීට පෙර එම විදුලි ධාරිතාව ලබාදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමෙන් මෙගාවොට් 18ක් කිලෝවොට් 1ක් රුපියල් 38.58ක මිලකට ගැනීමට නියමිතය.
තවත් මෙගාවොට් 34ක් එක්සත් රාජධානිය ඇග්ග්‍රිසේ සමාගමෙන් කිලෝවොට් එකක් රුපියල් 30-20ක මිලකට ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.