සමාජ දුරස්ථභාවය කඩකරන්නන් හෙට සිට අත්අඩංගුවට
සමාජ දුරස්ථභාවය කඩකරන්නන් හෙට සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඇදිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල ද සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන බවයි.
ඇදිරි නීතිය ඉවත් කළ කාලය තුළ වුවද රැස්වීම් පැවැත්වීම්, කණ්ඩායම් ලෙස එක්රැස්වීම්, වෙළෙදසැල් සහ ආර්ථික මධ්‍යස්ථානවල සමාජ දුරස්ථභාවය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
