News

සමාජ මාධ්‍යයේ සංසරණය වන කථානායකගේ ලිපිය බොරුවක්

කථානායක කරු ජයසූරිය මහතා විසින් අගවිනිසුරුවරයා අමතා යොමු කරන ලද බවට සදහන් වන ලිපියක් සම්බන්ධව කථානායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මගින් සදහන් කර ඇත්තේ කථානායකවරයා විසින් අගවිනිසුරු වෙත 2018.11.20 දින යොමු කරන ලද බවට සදහන් ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි.

එය මුළුමනින්ම සාවද්‍ය ලිපියක් වන අතර, කථානායකවරයා විසින් එවැනි කිසිදු ලිපියක් අගවිනිසුරු වෙත යොමු කර නොමැති බවද කථානායක මාධ්‍ය අංශය අවධාරණය කරනවා.

එම නිවේදනය පහතින් බලන්න….