News

සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාරය කළ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ලබන 09 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අද (02) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේය.