News

සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව මාස තුනක් නවතා දමයි

මන්නාරම සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව මාස තුනක කාලයක් වසා දැමීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා (22) වනදා සවස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී පැවැත්වු සාකච්ජාවේදී නියෝග කළ බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ මහතා පැවසුවේ මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා,විශේෂ අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් සිව්දෙනෙකු,පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා,රජයේ රස පරීක්ෂක නිළධාරි නියෝජිතයින්,මන්නාරම පොලිසිය,මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්,අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්,අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල නියෝජිතයින්,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට අනුබද්ධ ආයතනයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සමඟ (22)වනදා සවස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වු සාකච්ජාවේදී සියළු පාර්ශව සමඟ සාකච්ජා කිරීමේන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අදාළ තීරණය ලබාදුන් බවයි.

දැනට කැනීම් මඟින් විවෘත කොට තිබෙන සමූහ මිනිවළ තුළින් ගොඩ ගැනීම සිදුනොකොට මිනිවළ තුළින් මතුකරගෙන ඇති අස්ථි කොටස් මාස තුනක කාලයක් විවෘතව තැබීමෙන් අදාළ අස්ථිවලට හානියක් සිදුවෙතැයි යන සැකය මත දැනට මතුව තිබෙන අස්ථි කොටස්ද පස් දමා තාවකාලිකව වසා දැමීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව සමූහ මිනිවළ කැනීම් කටයුතු සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක්වු කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ‍ ‍ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළ කණ්ඩායමේ පුරාවිද්‍ය වාර්තාවද මාස තුනක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබාදුන් බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
අදාළ වාර්තාවන් ඉදිරිපත්වීමෙන් අනතුරුව සමූහ මිනිවළ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබාදෙන අතර,ඉදිරි දිනකදී විනිවිද භාවයෙන් යුතුව සියළු පාර්ශව ඉදිරියේ සමූහ මිනිවළ තුළින් මතුවු අස්ථි කොටස් තාවකාලිකව පස් දමා වසා දැමීම සිදුකිරීමට නියමිත බවද වෛද්‍යවරයා පැවසූහ.

රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසූවේ පැවසූවේ මාර්තු මස 08 වැනිදා සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිව නවතා දමන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා සිදුකළ නියෝගයෙන් අනතුරුව නැවත ඒ සම්බන්ධයෙන් වන සාකච්ජාවක් (22) කැඳවා තිබු බවයි.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව මාර්තු මස 07 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මගින් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව මාර්තු මස 08 වැනිදා කැනීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණ.

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබීමෙන් අනතුරුව අදාළ වාර්තාව මහජන ලියවිල්ලක් ලෙස අධිකරණය මගින් 07 වැනිදා නිකුත් කරනු ලැබීය.

සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු හයකට අදාළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමුකළ අතර අදාළ සාම්පලය හය සම්බන්ධ වාර්තාව ෆ්ලෝරීඩා බීටා ඇනලයිස්ටි ආයතනයෙන් නිළ වශයෙන් අධිකරණයට යොමු කෙරිණ.

දත්ත වාර්තා අධ්‍යයනයේදී පෙනී යන කරුණක් වන්නේ අදාළ සාම්පල ක්‍රිස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය වන නමුත් කාලසීම නිශ්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින් සිදුකළ නොහැකි වන බව දත්ත විශ්ලේශකයින් පැවසූහ.

සමූහ මිනිවළ තුළින් මාර්තු 08 වැනිදා වන විට දින 156 ක කාලයක් පරීක්ෂණ පැවැත්වු අතර, මිනිවළ තුළින් මිනිස් සිරුරු 342 ක අස්ථි කොටස් ‍මතුකර කරගෙන තිබිණ.

මතුකරගත් සිරුරු තුළින් මිනිස් සිරුරු 330 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 30 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් හයක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන් අතර, අදාළ පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල එලෙස ලැබු බවද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්,පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා,අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැණින.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි 2017 මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කළේය.

සාම්ප්‍රදායික සුසානභූමියක අස්ථි තැන්පත් කොට තිබෙන ආකාරයෙන් ඔබ්බට වන ආකාරයට ඇතැම් අස්ථි හමුවි ඇති බවද හෙතෙම පැවසුවේය.