නවතම ප්‍රවෘත්ති

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් දොට්ට – සේවකයෝ වැඩ වරති

අලුතින් ලක්ෂ එක හමාරකට සමෘද්ධිය දීමේ වැඩසටහනේ සමෘද්ධිලාභීන් තේරීමේ පදනම විවේචනය කළැ’යි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.දඩල්ලගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර ඇත. ඊට විරෝධය පළ කරන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයින් අද  (21වැනිදා) දිනය පුරා වැඩ වර්ජනයක් දියත් කරමින් සිටින බව ‘අරුණ’ ට වාර්තා වේ.

විරෝධතාවට සහය ඵල කරන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ‘අරුණ’ට පැවසුවේ, අලුතින් සමෘද්ධිලාභීන් තෝරන වැඩපිළිවෙල අතිශයින්ම දේශපාලනීකරණය වී තිබීම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ දැඩි විවේචනයට ලක්වීම හේතුවෙන් ඔහු තනතුරින් පහකළ බවයි.

මාස 4 කට පමණ පෙර, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරන ලද ජේ.දඩල්ලගේ මහතා ඊට පෙර අග්‍රමාත්‍ය කාර්යයාලයට අනුයුක්තව සේවය කරනු ලැබීය.

සුරේඛා සමරසේන