සයිටම් වෛද්‍ය උපාධිධාරීන් 82ක් ලියාපදිංචි කර ගන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක්
සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ 82 දෙනෙකුට වෛද්‍ය වෘත්තියේ නියැලීමට පහුසකම් සලසමින් ඔවුන් ලියාපදිංචි කරගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේය.
මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලබාගත් සිසුන් තිදෙනෙකු ගොණු කළ පෙත්සම් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම පෙත්සම් විභාග කරනු ලැබුවේ බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය . පී. පද්මන්සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
ඒ අනුව අද දින සිට සති 3 ක කාලයක් තුළ එම සිසුන් ලියාපදිංචි කර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට නියෝග කර සිටියේය.
