සවර්ණවාහිනිය උණුසුම් වෙයි – ප්රධාන විධායක නිලධාරිවරයා පොලිසිය විසින් එලියට රැගෙන යයි
සවර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ප්රධාන විධායක නිලධාරිවරයා ඊයේ (20) රාත්රීයේ සිට සේවයෙන් ඉවත් කර ඇති අතර නැවත අද දින ඔහු එම ආයතනයට පැමිණීමත් සමඟ සේවකයින්ගේ විරෝධය හේතුවෙන් පොලිසිය පැමිණ ඔහුව එම ආයතනයෙන් පිටතට රැගෙන ගොස් ඇත.
ඔහුගේ අත්තනෝමතික ක්රියාකලාපය හේතුවෙන් පසු ගියදා එහි සේවකයින් වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති කළ අරගලයෙන් පසු එම තනතුරෙන් ඉවත් කර ඇත.
ඒ අනුව අද දින සවර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ප්රධාන විධායක නිලධාරිවරයා එම ආයතනයට පැමිණි පසු නැවත වතාවක් එහි හටගත් සේවකයින්ගේ විරෝධතාවය හේතුවෙන් පොලිස් ආරක්ෂාව මැද්දේ ඔහුට පිටවී යන්නට සිදු වී ඇත.
සවර්ණවාහිනී නාලිකාවේ ප්රධාන විධායක නිලධාරි වන මහේන් පෙරේරා විසින් අද සවස 04ට තම ඉල්ලා අස්වීම දැනුම් දෙන බව ප්රකාශ කර ඇති ඇති බව එම ආයතනයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
පාලන අධිකාරිය වෙනස් වීම, ගුණාත්මක වැඩසටහන් නොමැති වීම, වැටුප් වැඩි නොකිරීම වැනි හේතුන් මත (18)වන දින 250ක පමණ සේවකයින් පිරිසක් වෘත්තිය සමිති රැස්වීමක් පවත්වා ඇති අතර ඒයට සහභාගී වූ ප්රවෘත්ති නිවේදකයන් ඇතුළු 18 දෙනෙකුගේ වැඩ තහනම් කිරීම හේතුවෙන් සේවකයින් දින දෙකක් පුරා පැවැත්වූ අරගලය මේ වන විට සාර්ථක වී ඇති බව ඔවුන් පවසයි.
ස්වර්නවාහිනි සුරැකිමේ අපි.නිවේදිකාවකගේ පොලිස් අත්අඩංගුවට පත්වන මහේන් පෙරේරා නෙමැති ගල්කිස්සේ බීචී බෝයිට මරු පහරක්
Posted by Leelananda Hettiarachchi on Thursday, March 21, 2019