News

සහය දිය හැකි ඕනෑම පාර්ශවයකට ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමට සුජිවගෙන් අරාධනා

ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමට සහය දිය හැකි ඕනෑම පාර්ශවයකට විවෘත ආරාධනයක් කරන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ජා – ඇල, ඒකල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේය.

ඉදිරි දේශපාලන තත්ත්වය උණුසුම්කාරී බවත් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකයා සොයා ගැනීමට පවා නොහැකි තරමින් අපේක්ෂකයින් ඉදිරිපත්ව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමටද මේ වන විට දක්ෂ පිරිසක් සිටින බවට ඔහු පැවසීය.

එසේම ජාතික ආණ්ඩුව යන මාතෘකාව වාර්තමානයේදී කතා බහට ලක්වන දෙයක් බවත් යම් කාර්යයක් කිරීමේදී ඊට බාධා නොකරන සහ ඉදිරි ව්‍යාපෘති වලට සහයෝගය ලබා දිය හැකි ඕනෑම පුද්ගලයෙකු ජාතික ආණ්ඩුවට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී පැවසිය.