සහරාන්ගේ දියණියගේ DNA පරීක්ෂණයක් කිරීමට අධිකරණයෙන් අවසර
ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ ඩීඑන්ඒ සාම්පල සමඟ ඔහුගේ දියණියගේ ලේ සාම්පල සසදා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රජයේ රස පරීක්ෂකවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) නියෝග කළේය.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු සොයාගත් සහරාන් හසීම්ගේ යැයි සැකකෙරන එම හිස කොටසේ ඩීඑන්ඒ සාම්පලමෙම පරීක්ෂණය සඳහා යොදා ගැනීමට නියමිතය.
සහරාන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිපදෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පදිංචිව සිටි ගල්කිස්ස පන්සල පාරේ සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවාසවල තිබූ ඇඳුම්පැළඳුම් මෙන්ම බෝම්බකරුවන් නැවතී සිටි ෂැංග්‍රීලා හෝටලයේ කාමරයේ තිබී සොයාගත් නඩු භාණ්ඩ සම්බන්ධයෙන් ජෛව විවිධත්ව වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ අත්අඩංගුවට ගෙන ඇති බෝම්බකරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අයත් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තා ලැබී ඇති බවයි.
එම රන් භාණ්ඩ රාජසන්තක කිරීමට පියවර ගන්නා බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.