සහරාන්ගේ දියණිය සහ බිරිඳ දෙමව්පියන් වෙත භාර දීමට අධිකරණය නියම කරයි
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් වෙත භාර දීමට අධිකරණය අද (02) නියම කර ඇත.
ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක හමුවේ කැදවූ අවස්ථාවේදීයි. සහරාන්ගේ දියණිය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර අධිකරණ නියෝගයකින් තොරව කිසිදු පාර්ශවයක් වෙත දියණිය ලබාදීමේ හැකියාවක් ද නොමැති බවටයි මහේස්ත්රාත්වරයා දැනුම් දී ඇත.
කල්මුණේ – සයින්දමරුදු නිවසේ පිපිරීම්වලින් තුවාල ලබා සිටියදී සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා සහ ඔවුන්ගේ අවුරුදු 4ක් වයසැති දියණිය වන මොහොමඞ් සහරාන් රුසෙයිනා රෝහල් ගත කෙරිණි.
