News

සහරාන්ගේ බාල සොහොයුරිය අත්අඩංගුවට

පසුගිය පාස්කු ඉරිදා (අප්‍රේල් 21වැනි දින) ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී ඊයේ (01) පස්වරුවේ ඇයව අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 20ක මුදලක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් මූලික ප්‍රශ්න කිරීම් වලදී ඇය පවසා ඇත්තේ පාස්කු ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් එම මුදල තමන්ට දුන් බවයි.

සහරාන් හසීම් සහ ඔහුගේ ක‍්‍රියා කලාපයන් ඇය මීට පෙර මාධ්‍ය හමුවේ දැඩි ලෙස විවේචනය කර තිබුණි.