සහල් වැඩි මිලට වික්කොත් ලක්ෂයක දඩයක්
පාරිභෝගික අධිකාරියේ පනත වෙනස් කරන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කීවේය.
වී මිලදී ගැනීමේ කටයුත්ත ඇතුළත බරපතළ ප්‍රශ්න ගණනාවක් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
අප්‍රේල් මස 05 වැනිදා සිට නාඩු සහල් කිලෝවක් සතොස සහ සමුපකාර සමිති හරහා රුපියල් 97 කට ලබාදෙන බවද ඔහු පැවැසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, පාරිභෝගික අධිකාරියේ තිබෙන පනතින් වැඩක් නෑ, සහල් වැඩි මිලට වික්කොත් දඩය ලෙස ගහන්නේ රුපියල් දෙදහස් පන්සීයයි. වී මෝල් හිමියා දඩයට අමතරව පෙරකදෝරුවාගේ 2500ත් ගෙවනවා. සහල් වැඩි මිලට විකුණනවා නම් දින 14ක් බන්ධනාගාර ගත කළ යුතුයි. මේ පනත් වෙනස්විය යුතුයි.
එහෙම නැත්නම් රුපියල් පනස් දහසක හෝ ලක්ෂයක දඩයක් නියම කළ යුතුයි. දැන් නිකුත් කරන 2500 ක දඩය මහා පරිමාණ වී මෝල් හිමියන්ට දැනෙන්නේවත් නෑ. පිටකොටුවේ විතරක් එක දවසට රුපියල් ලක්ෂ 200ක සහල් විකුණනවා. පනත වෙනස් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් දැනුවත් කරනවා.
සාලිය කුමාර ගුණසේකර