ස්පාඤ්ඤයේ කොරෝනා මරණ විසිදහස ඉක්මවයි
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ස්පාඤ්ඤය තුළ මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 20,043ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 191,726ක්.
පූර්ණ වශයෙන් සුව වූ ආසාදිතයින් සංඛ්‍යාව 74,797ක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් තවත් ආසදිතයින් 7,371ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා සදහන් කරයි.
