ස්වර්ණමහල් ජුවලර්ස් හිටපු අධ්‍යක්ෂකවරුන් අධිකරණයට
ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂක ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මොවුන් මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපතිවරයාගේ උපදෙස් මතය.
ඊ.ටී.අයි ආයතනය පවත්වාගෙන යමින් පුද්ගලයන්ගේ මුදල් සාපරාධී ලෙස පරිහණය කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම ‘ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මොවුන්ට චෝදනා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.