News

ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්

ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අය අප්‍රේල් 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය මාර්තු 16 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.